Posts

Image
  මැරෙන දවස හරියටම කියන ඇප් එක දැන් කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI නැති තැනක් නැත. ලොව රටවල් බොහොමයක ජනතාව හැම දේකට ම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම පුරුද්දක් කර ගෙන තිබේ. ඔබේ නින්ද ගැන විමසන්න, ව්‍යායාම කරන්න උදවු වෙන්න, දවසේ කාලය කළමනාකරණය කරගන්න, මානසික ආතතිය නැති කර ගන්න, සුව නින්දක් ලබන්න ආදී මෙකී නොකී මේ හැම දෙයකට ම කෘත්‍රිම බුද්ධිය උදව් වෙයි. එපමණක් නොව, දැන් ඔබ මැරෙන මොහොත තත්පරයටම ගණනය කර කීමටත් කෘත්‍රිම බුද්ධියට හැකියාව ඇත. ඒ සඳහා පරිගණක යෙදවුමක් හෙවත් ඇප් එකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඔබ දැන් ගෙවන ජීව්තයේ තවත් ඉතිරිව ඇත්තේ කොපමණ දැයි කියා දෙන්න, ඔබ මැරෙන හේතුවත් එක්ක ම කියා දෙන්න මේ යෙදවුමට හැකියාව ඇත. මේ යෙදවුම හඳුන්වා දී ඇත්තේ ඩෙත් ක්ලොක් හෙවත් මාර ඔරලෝසුව කියාය. මේ නමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි කීපයකුත්   ඇත. මේ පිළිබඳ පුවත් වාර්ත අනුව, මරණයේ ඔරලෝසුව සමග සම්බන්ධ වීමට අලුත්ම ඇපල් ජංගම ස්මාට් පොන්වලට හැකියාව ඇත. ගූගල් ප්ලේ මගින් හෝ ඇප්ලිකේෂන්   හෝ ඇප්ලිකේෂන් ස්ටෝර් මගින් හෝ ඔබට බා ගත කර ගන්නට හැකියාව තිබේ. දිනය දැන ගන්න - දෛවය වෙනස් කර ගන්න. මෙහි නිර්මාණකරුව...
Image
  කෘත්‍රිම බුද්ධි හෙදිය 'Ana' එක්සත් ජනපද රෝහල් මගින් මේ වන විට කෘත්‍රිම බුද්ධි හෙදියන්ගේ සේවය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි. මෙහිදී ඔවුන් සිය රෝගී වඩාත් නිරවුල් මනසකින් තබා ගැනීම සඳහා මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන් යොදා ගන්නා බව සඳහන් වෙයි. ඒ අතරින් Ana යනු අනෙකුත් හෙදියන්ට වඩා සාර්ථකව සිය සේවාව සපයන හෙදියකි. Hippocratic Al සමාගම මගින් නිපද වූ ඇය දවසේ පැය 24 පුරාම සංවාදය සඳහා විවෘතව පවතින අතර, ඇයට හින්දි භාෂාවේ සිට හයිටි කෙලේ භාෂාව දක්වා භාෂා රැසකින් කතා කිරීමේ හැකියාවද පවතී. මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන්ට රෝගීන්ගේ ඉතාමත් වටිනා සංඥාවන් නිරීක්ෂණය, හදිසි අවස්ථාවලදී වඩාත් හොඳ රැකවරණයක් ලබාදීමට මැදිහත්වීම ඇතුළුව මීට පෙර හෙදියන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සිදු කළ රාජකාරී කිරීමේ අවස්ථාව උදා වෙයි. කෙසේ වෙතත් රෝහල් තුළ ක්‍රියාත්මක හෙද වෘත්තීය සංගම් මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන් සේවයේ යොදවා ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටියි. උපුටා ගැනීම :- විජය පුවත්පත
Image
ඉතාලියානු පුවත්පතක් ලොව පළමු කෘත්‍රිම බුද්ධි පුවත්පත නිකුත් කරයි ඉතාලියේ ජනප්‍රිය පුවත්පතක් වන IL Foqlio පුවත්පත සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ පුවත් ඇතුළත් ලොව පළමු පුවත්පත් සංස්කරණය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි. එහි සේවය කරන මාධ්‍යවේදීන් මාසයක කාලයක් ජනමාධ්‍යවේදය සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස මෙම පුවත්පත් සංස්කරණය එළිදැක තිබේ. ඒ අනුව කෘත්‍රිම බුද්ධියෙන් ඇති වන බලපෑම පෙන්නුම් කිරීම එහි අරමුණ වූ බව පුවත්පතේ සංස්කාරකවරයා පවසා ඇත. “සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ පුවත් සහිතව පළ කෙරුණු ලොව පළමු දිනපතා පුවත්පත ලියයි. පුවත් ලිවීම්, සිරස්තල යෙදීම, උදෘත තේරීම, සංක්ෂිප්ත කිරීම ඇතුළු සියලූ දේම සිදු කළේ කෘත්‍රිම බුද්ධියයි. ඉදිරියේදී ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාව කෘත්‍රිම බුද්ධි ටූලයකින් ප්‍රශ්න විසීම සහ ලැබෙන පිළිතුරු කියවීම කියන දේට සීමා වේවි." යනුවෙන් ඔහු පවසා ඇත. පිටු හතරකින් සමන්විත බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ මෙම පුවත්පත් සංස්කරණය, පුවත්පත් අලෙවිසැල් තුළ මෙන්ම අන්තර්ජාලයෙන්ද මිලදී ගෙන කියැවීමේ අවස්ථා...
Image
  ගූගල් සමාගම දරුවන් වෙනුවෙන් Google Wallet විවෘත කරයි ගූගල් සමාගම එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ පෝලන්තය යන රටවල වෙසෙන දරුවන් සඳහා Google Wallet  හඳුන්වාදී තිබේ. මේ හරහා දරුවන්ට සිය ගෙවීම් ක්‍රමවේද සේව් කිරීම, අවසරපත්‍ර, ටිකට්පත්, ප්‍රවේශ කාඩ්පත් සහ තෑගි කාඩ්පත් යනාදිය එහි සේව් කිරීමේ අවස්ථාව හිමි වෙයි.  මෙහිදී දරුවන්ට සිය මව්පියන්ගේ අනුමැතියකින් පසුව අදාළ Google Wallet ගිණුම විවෘත කිරීම සහ ඊට පිවිසීමේ අවස්ථාව හිමි වෙයි. Google Wallet පහසුකම හරහා ගෙවීම් සිදුකළ හැකි අලෙවි සැලක ඇති Tap and Pay පහසුකම සහිත ස්ථානයකදී මෙම යෙදවුම  භාවිත කිරීමේ හැකියාව පවතී. 2028 වන විට ඩිජිටල් වොලට් භාවිත කරන්නන් සංඛ්‍යාව   බිලියන 5.4 තොරතුරු - www.finder.com
Image
ලෝකයේ පළමු ස්වයංක්‍රීය කෘතීම බුද්දි නියෝජිතයා Manus ලොව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පළමු කෘත්‍රිම බුද්ධි නියෝජිතයා නිර්මාණය කරන්නට චීන මෘදුකාංග ඉංජිනේරුවරුන් කණ්ඩායමක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් මෙම නියෝජිතයා Manus ලෙස නම් කර තිබේ. මෙම කෘත්‍රිම බුද්ධි නියෝජිතයාට මිනිසුන්ගේ උපකාරයකින් තොරව සංකීර්ණ කාරණා පවා ස්වාධීනව සිදු කිරීමේ හැකියාවක් පවතින බව පැවසෙයි. ඒ අනුව මෙම Manus වැඩසටහන අනෙකුත් Alචැල්බොට්ස් වැඩසටහන් වන ChatGPT, ගූගල් හි Gemini හෝ X හි Grok වැනි වැඩසටහන්වලට වඩා වෙනස් බවත් අදහස වී තිබේ.
Image
  Starlink සේවාව ඉන්දියාවටත් Elon Musk ගේ Space X සමාගම මගින් ඉදිරිපත් කර ඇති starlink  අන්තර් ජාල සේවාව ඉන්දියාව වෙත ගෙන ඒමට  Bharathi Airtel   සහ  reliance jio    යන ජංගම දුරකතන සේවා සමාගම් ඉදිරිපත්ව ඇතැයි පවසයි..ඒ සදහා වන උපායමාර්ගික හවුල්කාරීත්වය එළැබීමට අදාළ සමාගම් පසුගියදා පියවර ගෙන තිබෙන බවට Airtel සහ     reliance jio  සමාගම් පවසා සිටියි. මෙම starlink චන්ද්‍රිකා අන්තර් ජාල සේවාව හරහා ඉන්දියාවෙ ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශ වෙත internet පහසුකම ලබාදීම අරමුන වී තිබේ .Starlink ඉන්දියාව වෙත පැමිණෙන පළමු අවස්තාවද මෙයයි.කෙසේ වෙතත් stalink අන්තර් ජාල සේවාව ඉන්දියාව වෙත හදුන්වාදීමට Space X සමාගමට ඉන්දියානු ජාතික අබ්‍යාවකාශ ප්‍රවර්දන  සහ අනුමැති මදයස්තානයේ අවසරය හිමිවිය යුතුව ඇත.එසේම දුරකතන සන්නිවේදන දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ඒ සදහා හිමිවිය යුතුව ඇත.. 
Image
                            ළැව් ගිනි ඇති කලේ  CHATGPT ද ඇ මෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසු මහා ළැව් ගින්න , 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව් ගින්නෙන් සිදුවුණු හානිය ඇමෙරිකන්   ඩොලර් බිලියන ගණනකි. මෙම ළැව් ගිනි ස්වාභාවිකව ඇති වූ ඒවා නොවන බවටත් , හිතාමතා කළ ගිනි තැබීම් බවටත් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සමීබන්ධයෙ කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ලොස් ඇන්ජලීස් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.   ChatGpt කාට කාටත් මෙසේ චෝදනා එල්ල වෙද්දී. අලුතෙන් ම චෝදනා මතු වී ඇත්තේ චැපීපීටී ChatGPT වෙතටයි. ළැව් ගිනි හටගත්තේ චැටජ්පිටි ChatGPT නිසා බවටත් , ළැව් ගිනි පසුපස සිටින්නේ චැපීටී බවටත් චෝදනා එල්ල වෙමින් ඇති අතර , සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහක් නිර්මාණය විය. චැට්පපීටී යනු කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. පරිගණක භාවිතයට ගන්නා , ජංගම දුරකථන භාවිතයට ගන්නා අප බොහෝ දෙනකු චැපීටි භාවිතයට ගන්නේ අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. ළැව් ගිනි පසු පස කෘ...