කෘත්‍රිම බුද්ධි හෙදිය 'Ana'




එක්සත් ජනපද රෝහල් මගින් මේ වන විට කෘත්‍රිම බුද්ධි හෙදියන්ගේ සේවය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි. මෙහිදී ඔවුන් සිය රෝගී වඩාත් නිරවුල් මනසකින් තබා ගැනීම සඳහා මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන් යොදා ගන්නා බව සඳහන් වෙයි. ඒ අතරින් Ana යනු අනෙකුත් හෙදියන්ට වඩා සාර්ථකව සිය සේවාව සපයන හෙදියකි. Hippocratic Al සමාගම මගින් නිපද වූ ඇය දවසේ පැය 24 පුරාම සංවාදය සඳහා විවෘතව පවතින අතර, ඇයට හින්දි භාෂාවේ සිට හයිටි කෙලේ භාෂාව දක්වා භාෂා රැසකින් කතා කිරීමේ හැකියාවද පවතී. මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන්ට රෝගීන්ගේ ඉතාමත් වටිනා සංඥාවන් නිරීක්ෂණය, හදිසි අවස්ථාවලදී වඩාත් හොඳ රැකවරණයක් ලබාදීමට මැදිහත්වීම ඇතුළුව මීට පෙර හෙදියන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සිදු කළ රාජකාරී කිරීමේ අවස්ථාව උදා වෙයි. කෙසේ වෙතත් රෝහල් තුළ ක්‍රියාත්මක හෙද වෘත්තීය සංගම් මෙම කෘත්‍රිම බුද්ධි හෙදියන් සේවයේ යොදවා ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටියි.


උපුටා ගැනීම :- විජය පුවත්පත

Comments

Popular posts from this blog