දැන් කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI නැති තැනක් නැත. ලොව රටවල් බොහොමයක ජනතාව හැම දේකට ම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම පුරුද්දක් කර ගෙන තිබේ. ඔබේ නින්ද ගැන විමසන්න, ව්‍යායාම කරන්න උදවු වෙන්න, දවසේ කාලය කළමනාකරණය කරගන්න, මානසික ආතතිය නැති කර ගන්න, සුව නින්දක් ලබන්න ආදී මෙකී නොකී මේ හැම දෙයකට ම කෘත්‍රිම බුද්ධිය උදව් වෙයි.
එපමණක් නොව, දැන් ඔබ මැරෙන මොහොත තත්පරයටම ගණනය කර කීමටත් කෘත්‍රිම බුද්ධියට හැකියාව ඇත. ඒ සඳහා පරිගණක යෙදවුමක් හෙවත් ඇප් එකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඔබ දැන් ගෙවන ජීව්තයේ තවත් ඉතිරිව ඇත්තේ කොපමණ දැයි කියා දෙන්න, ඔබ මැරෙන හේතුවත් එක්ක ම කියා දෙන්න මේ යෙදවුමට හැකියාව ඇත. මේ යෙදවුම හඳුන්වා දී ඇත්තේ ඩෙත් ක්ලොක් හෙවත් මාර ඔරලෝසුව කියාය. මේ නමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි කීපයකුත් ඇත.
මේ පිළිබඳ පුවත් වාර්ත අනුව, මරණයේ ඔරලෝසුව සමග සම්බන්ධ වීමට අලුත්ම ඇපල් ජංගම ස්මාට් පොන්වලට හැකියාව ඇත. ගූගල් ප්ලේ මගින් හෝ ඇප්ලිකේෂන් හෝ ඇප්ලිකේෂන් ස්ටෝර් මගින් හෝ ඔබට බා ගත කර ගන්නට හැකියාව තිබේ.
දිනය දැන ගන්න - දෛවය
වෙනස් කර ගන්න.
මෙහි නිර්මාණකරුවන්, මේ මරණයේ ඔරලෝසුව ඉදිරිපත් කරන්නේ දිනය දැන ගන්න - දෛවය වෙනස් කර ගන්න' යන තේමාව යටතේය. ඔවුන් පවසන්නේ මෙය සිදු කරන්නේ විද්‍යානවේ සහායෙන් සහ කෘත්‍රිම බුද්ධි බලයෙන් බවය.
ඔබේ හොඳ නරක දෙකම කියන්න
මෙම අනාවැකිය කියන්නට ඉල්ලා සිටින්නේ ඔබේ වත්මන් භාවිතයන් හා පුරුදු පමණය. ඔබට තියෙන හොඳ පුරුදු මෙන්ම නරක පුරුදුත් නොසඟවා පවසන්න ඔබට සිදු වෙයි. මෙහිදී ඔබ සාමාන්‍ය වෛද්‍ය පක්ෂණයකට වෛදවරයා හමු වීමට යන්නේ කවදාද? ඔබට නිදන්ගත රෝග තිබේද? එවැනි ප්‍රශ්න වැලකට පිළිතුරු දීමට ද සිදුවෙයි.
තොරතුරු ලබා දුන්නාට පසු ඔබට තවත් ජීවත් වෙන්න කොපමණ කාලයක් ඉතිරිව තිබේදැයි අන්තිම තත්පරයට එම වැඩ සටහන මගින් දැන ගත හැකිය. ඔබට අවශ්‍ය නම් ඔබ මිය යන්නේ කෙසේ ද කියා දැන ගන්නට එයත් මේ වැඩ සටහනෙන් පහසුවෙන් ම පුළුවන.
ඔබට ඔබේ මරණය දිග්ගස්සා ගන්න අවශ්‍ය නම් ඒ සඳහාත් උපදෙස් දීමට මේ වැඩ සටහනට හැකියාව තිබේ. ඒ සඳහා මොනවද කරන්න ඕනෑ යැයි ඇසුවොත් ඒ සඳහා ජීවිතයේ වෙනස් කර ගතයුතු තැන් මොනවාද? අලුතින් එක්කර ගත යුතු දේ මොනවද? කියාත් දැක ගත හැකිය.
ප්‍රශ්න 29 කට උත්තර
ඔබට දැන් ජීවත්වන විධිය අනුව ඔබේ ආයු කාලයේ තවමත් කොතරම් ප්‍රමාණයක් ඉතිරිව තිබේ ද? කියා දැන ගත් පසු ඉදිරියට වැඩි කලක් ජීවත්වන්නට නම් කුමක් කළ යුතු දැයි ඔබට දැන ගන්න මේ වැඩ සටහනෙන් හැකියාව තිබේ. ඒවා හරියටම ඉටු කළොත් ඔබට තව කෙතරම් කාලයක් ජීවිතය දික්ගස්සා ගැනීමට ඔබට හැකි ද කියා නැවත අසන්නට පුළුවන.
'මේ ඇප්' එක නිර්මාණය කරනු ලැබ ඇත්තේ බ්‍රෙන්ට් ෆ්‍රැන්සන් විසිනි. ඔහු 'මෝස් ඩේස්’ හා ‛යූක්ලිඩ් ඇනලිටික්' යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියාය. ඔහු පවසන ආකාරයට අනුව ඔහුගේ යෙදවුමෙන් නියම ප්‍රතිඵල ගන්න නම් ප්‍රශ්න 29 කට ඔබ උත්තර දිය යුතුයි.
එය අසන්නේ ඔබ ගන්නා ආහාර, ව්‍යායාම්, නින්ද, පවුලේ ඉතිහාසය ගැන නිවැරදි තොරතුරුය. මං මේ ඇප් එක හැදුවේ ඔබේ මැරෙන දිනය කියන්න ම නෙවෙයි. ඔබ දැන් ජීවත්වෙන අයුරු ඔබට තේරුම් ගැනීමට සලස්වා ඒ මගින් ඔබට ආයුෂ දීර්ඝ කර ගැනීමට කැමති නම් ඊට මඟ පාදා දීමටයි. කියා මෙහි නිර්මාණකරු ෆ්‍රැන්සන් සිය නිර්මාණය ගැන පවසයි.


Comments
Post a Comment