ගූගල් සමාගම දරුවන් වෙනුවෙන් Google Wallet විවෘත කරයි
ගූගල් සමාගම එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ පෝලන්තය යන රටවල වෙසෙන දරුවන් සඳහා Google Wallet හඳුන්වාදී තිබේ. මේ හරහා දරුවන්ට සිය ගෙවීම් ක්‍රමවේද සේව් කිරීම, අවසරපත්‍ර, ටිකට්පත්, ප්‍රවේශ කාඩ්පත් සහ තෑගි කාඩ්පත් යනාදිය එහි සේව් කිරීමේ අවස්ථාව හිමි වෙයි.
මෙහිදී දරුවන්ට සිය මව්පියන්ගේ අනුමැතියකින් පසුව අදාළ Google Wallet ගිණුම විවෘත කිරීම සහ ඊට පිවිසීමේ අවස්ථාව හිමි වෙයි. Google Wallet පහසුකම හරහා ගෙවීම් සිදුකළ හැකි අලෙවි සැලක ඇති Tap and Pay පහසුකම සහිත ස්ථානයකදී මෙම යෙදවුම භාවිත කිරීමේ හැකියාව පවතී.
2028 වන විට ඩිජිටල් වොලට් භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියන 5.4
තොරතුරු - www.finder.com
Comments
Post a Comment