ඉතාලියානු පුවත්පතක් ලොව පළමු කෘත්‍රිම බුද්ධි පුවත්පත නිකුත් කරයි


ඉතාලියේ ජනප්‍රිය පුවත්පතක් වන IL Foqlio පුවත්පත සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ පුවත් ඇතුළත් ලොව පළමු පුවත්පත් සංස්කරණය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි. එහි සේවය කරන මාධ්‍යවේදීන් මාසයක කාලයක් ජනමාධ්‍යවේදය සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස මෙම පුවත්පත් සංස්කරණය එළිදැක තිබේ. ඒ අනුව කෘත්‍රිම බුද්ධියෙන් ඇති වන බලපෑම පෙන්නුම් කිරීම එහි අරමුණ වූ බව පුවත්පතේ සංස්කාරකවරයා පවසා ඇත.

“සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ පුවත් සහිතව පළ කෙරුණු ලොව පළමු දිනපතා පුවත්පත ලියයි. පුවත් ලිවීම්, සිරස්තල යෙදීම, උදෘත තේරීම, සංක්ෂිප්ත කිරීම ඇතුළු සියලූ දේම සිදු කළේ කෘත්‍රිම බුද්ධියයි. ඉදිරියේදී ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාව කෘත්‍රිම බුද්ධි ටූලයකින් ප්‍රශ්න විසීම සහ ලැබෙන පිළිතුරු කියවීම කියන දේට සීමා වේවි." යනුවෙන් ඔහු පවසා ඇත.

පිටු හතරකින් සමන්විත බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ මෙම පුවත්පත් සංස්කරණය, පුවත්පත් අලෙවිසැල් තුළ මෙන්ම අන්තර්ජාලයෙන්ද මිලදී ගෙන කියැවීමේ අවස්ථාව ලබාදී තිබේ.


උපුටා ගැනීම - විජය පුවත්පත

Comments

Popular posts from this blog