පොලිසියට මුද්‍රණාලයට
සයිබර් ප්‍රහාරයක්
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල යූටියුබ් නාළිකාවට සහ රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ඊයේ (31දා) අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ල විය.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත්, සිදුකළ මූලික විමර්ශනවලදී දත්ත සොරාගැනීමක් සිදුකර නොමැති බවට පෙනීගොස් ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය.
මුද්‍රණ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ දත්ත කිහිපයක් වෙනස් කර ඇති බවට නිරීක්ෂණය වන බවත් පොලිස් නිල යූටියුබ් නාළිකාවේ දත්ත වෙනස් කර ඇති ද නැති ද යන්න සොයා බලමින් සිටින බවත් කෙසේ වෙතත් ඊයේ (31දා) දිනයේදී වෙබ් අඩවි දෙකම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.වෙබ් අඩවි දෙකම බාහිර පාර්ශ්වයන් විසින් ඔවුන්ගේ පාලනයට ගෙන භාවිත කරමින් සිටි බවත්, ඒවා නැවත ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන දත්ත පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආනන්ද මහතා කීය.
කෙසේ වෙතත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු කීවේය. මෙවැනි ප්‍රහාර රාජ්‍ය ආයතන ඉලක්ක කර වරින් වර එල්ලවීම ඉහළ ගොස් ඇති නිසා ඒවායින් ආරක්ෂාවීම සඳහා එම ආයතන සූදානම් කර තබාගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ යූටියුබ් නාළිකාව ඊයේ (31දා) දහවල් වනතෙක් යථා තත්ත්වයට පත්කර ගැනීමට උත්සාහ කරමින් පැවැති බවය.
චමින්ද
සිල්වා

Comments
Post a Comment