ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි..
Tesla, SpaceX සහ මේ වන
විට Twitter සමාගමේද
හිමිකාරීත්වය දරණ Elon
Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය
පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම
විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක
අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer
Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට
Neuralink Chip එක හරහා
මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි
වන අතර
මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
2016 වර්ෂයේදී
ආරම්භ කරන ලද Neuralink
සමාගම මඟින් ගණනාවක් පුරාවට සිදු කළ අතර 2021 වර්ෂයේදී
විවිධ සතුන් යොදාගමින් මෙම තාක්ෂණය හා ව්‍යාපෘතිය නිරීක්ෂණය කරනු ලැබුවා.
පසුගිය දිනයකදී Elon Musk නිවේදනය
කරනු ලැබුවේ Neuralink
ව්‍යාපෘතියේ පර්යේෂණ අවසන් අදියරේ පවතින
බවත් ඉදිරි මාස හය ඇතුළත Neuralink
Chip එක මිනිසුන් භාවිතා කරමින් නිරීක්ෂණය
කිරීමට U.S. Food and Drug Administration
(FDA) මඟින් අවසර
ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් Neuralink ව්‍යාපෘතිය
හා අනාගතය කෙබඳු වේවිදැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් තර්ක විතර්ක ගෙනහැර දක්වන
අතර The 100 කතා
මාලාවේ එන A.L.I.E
Chip එක මඟින්
මිනිසුන් පාලනය කරමින් සිදු කළ ව්‍යසනයක් වැනි තත්වයක්ද මේ හරහා අනාගතයේදී සිදු
වීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය
සහ Bloomberg වෙබ් අඩවිය
භාවිතා කළ හැක.
උපුටා ගැනීම -technews.lk

Comments
Post a Comment