Posts

Showing posts from January, 2025
Image
  January 1, 2025 පොලිසියට මුද්‍රණාලයට සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල යූටියුබ් නාළිකාවට සහ රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ඊයේ ( 31 දා) අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ල විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් , සිදුකළ මූලික විමර්ශනවලදී දත්ත සොරාගැනීමක් සිදුකර නොමැති බවට පෙනීගොස් ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ‘ දිවයින ’ ට ඊයේ ( 31 දා) පැවසීය. මුද්‍රණ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ දත්ත කිහිපයක් වෙනස් කර ඇති බවට නිරීක්ෂණය වන බවත් පොලිස් නිල යූටියුබ් නාළිකාවේ දත්ත වෙනස් කර ඇති ද නැති ද යන්න සොයා බලමින් සිටින බවත් කෙසේ වෙතත් ඊයේ ( 31 දා) දිනයේදී වෙබ් අඩවි දෙකම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.වෙබ් අඩවි දෙකම බාහිර පාර්ශ්වයන් විසින් ඔවුන්ගේ පාලනයට ගෙන භාවිත කරමින් සිටි බවත් , ඒවා නැවත ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන දත්ත පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආනන්ද මහතා කීය. කෙසේ වෙතත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු කීවේය. මෙ...